Colombo

Friday, March 12, 2010

මගේ අඹු සිගිත්තී
නුඹලා කියන විදියට
මගේ අඹු සිගිත්තී
රජ මැති සිටුවරැන්
ඇසුරට කැමැත්තී
උන් නිසා කෙලි දෙනේ
සිටින්නී
අහිංසක ගෑනි
දන්ත ධාතුවක් කිසිදා
දැක නැති හේමමාලී



 
















හොරි හැදුනු
 බල්ලන්ට බළලුන්ට
කවන්නී පොවන්නී
බලු කම් නොදන්නී
ණය තුරැස් වී පවා
දන් පින් කරන්නී
යුතුකම් පිරිමසන්නී

ඇල් වතුර බොන්නී
අනාදරය හින්දාම
වැඩිපුර කෝප ගන්නී
නුඹලා කියන විදියට
රජුන් මැති‍්‍දුන් නිසා
කෙලි දෙලෙන් සිටින්නී

 අපටම 
දහ දොලොස් වතාවක්
පයින්ම කඩේ යන්නී
දේෂපාලනයක් ගැන නොදන්නී
ඉවෙන් මෙන් 
ගද සුවද හදුනන්නී

කඹුරලා කඹුරලා
මා ලැබූවක් නැතත්
මට වඩා සන්තෝසෙන් ඉන්නී

කුඩු කේඩු කම් කරන
උන්ගෙ අම්මලාටත්
කැත නැතුව
දණ ගසා වදින්නී

( රත්න SRI විජේසිංහ - ලක්බිම )

Friday, March 5, 2010

Sunday, January 17, 2010

අද ලියවෙන කවි


****************************************
   වචන මදි .....
       දන්නවාද නුඹ - පුංචි සුදු රෝස මල      
       කටු මත නොවෙයි පැටලුනේ  
       තිරිංග නැති ප්‍රේමයක දැවටුනේ



කන්ද උඩ පන්සලේ - සුචද කූරැ දල්චා     
 මම හිතුව දේවල්ම හිතුවාද මන්දා       
 අයියලා වටේටම මුරදාන හින්දා
 බුදු හාමුදුරැවන් පල්ල      
 කටේ වක්කඩ බැදගෙනම උන්නා 

              වළාලයට  ඉහලින් කලි‍යෙ‍න්ම
                  රතු ඉර අප්‍රිකාවට ගියා 
             බෙන්තර වැල්ලේ  කවියක් ලිව්වා  
              රැල්ලක් ඇවිදින්  කවියත් ගිල්ලා 


(රාචය-10-01-2010 -  අමිල  ඡයන්ද  ලියනආරච්චි  ) 
                                       *************
ගොරවයි අහස
හූල්ලයි මහ පොළව
මැඩියනේ ගී ගයව්
කන් අඩිය 
ඇස්වට්ටියක් වන තුරැ

( මහින්ද අල්ගම - 1990 )





ඉහත දින සචස සිට - සුපිරිසිදු ගුවන් ගැබ
මහා බරකින් බරව - වලා පෙරහැර සැදෙයි
 කදු බිම්ද තැනිතලා - ගහ වැලද වන පෙත්ද
මගේ හිත පරිද්දෙන් - දැලි අගුරැ ගෑවිලා
කළුවරයි පාළුවයි - එකිනෙකට දැවටිලා
මහද විදුලිය කොටා - අහස මෙන් සුසුම් ලන

තනි කමේ සීතලෙන්-නැගෙයි දැඩි  වේදනා
මට  එයින්  ගැලවෙන්න -  විදුලි  කොටමින් තවත්
වැඩි වෙලාවක් නොගොස් - වැසි බිමට වැටීයන් 
  ( මඩවල ඇස් . රත්නායක - මාර යුද්ධය )
                                             *       *      *     *

දිරාපත් ඇදුම් හැම තැන - ඉරීගොස් වැරහැලි වුනු
 ගෙවුණු පාවහන් පරදා - තැලීගිය පා ඇගිලිද
හැඩ පලු ගෙතුනු හිසකේ - දූවිලි රැදුනු මුහුණද
ගිලුණ ඇස් කෙවෙනිද - දර ඉපල් වූ සිරැරැද
එදවස පෝරැ මස්තක - නුබ හා සිටි මා ය මේ

e|ssssන්නේ නැතිය නුඹ අද - හැ|sන්නේ නැතිය කිසිකලෙක
බෝ අපහසුය දරන්නට - වෙහෙසකි රකින්නට යාමද
පේරෑස් මුදුව ගිලිහුණු  -  කෘෂව ගිය  වෙදගිල්ලෙන්
 (රාජාලි පියාපත - ජගත් ජේ . එදිරිසිංහ )

තාත්තා 
ඉණිමග මගෙය -එහි දඬු දුන්නේ නුඹය
ඉණි බැන්දේ මම ය - වැල්පට නුඹගේය
ඉණිමග මතින් - ඉහලට නැග්ගේ මාය
ඉණිමග දරා තව - බිම ඉන්නේ නුඹය

( රාජාලි පියාපත - ජගත් ජේ . එදිරිසිංහ ) 

ගම නුවර 
හන්තාන ඉහත්තාවෙ -ෆයිනස් ගස්

සාරට වැඩුනු - අපි බොහොම දුප්පත්
රෑස්ස ගස් මැදින් - වැටුණු අඩිපාර මුලට
ඇත්තෙ එක ඉස්කෝලයයි - ළමයි ටිකයි..            
         .......ගුරැවරැ දහයයි 


ඇති පදම් වතුර තිබුනත් - වවන්නට ඉඩම් නැතත්
දළදා හාන්දුරැවන්ගෙ අඩවියට - අත නොතියමු
                 අපි මහත්වරැනේ

කෙළඔට පැය හයයි - රටේ සංවර්ධන කේ
Jo%
යයි
දවසට දෙවරක් බස්  එකක් ඇති - අපේ  ගමත් නුවර තමයි 
( රාවය - හේෂා  ලක්නි  ජයසූරිය )

සර්ප වතගොත

වන මගෙක                      ‍‍        
නිරැවත්  දෙපා මත                   
ඇවිද යන විට                         
අහම්බෙන්  පෑගුණ                 
සර්පයෙක් ඉ|හිට                    
දෂ්ඨ කෙරැවා  -  ඒ එදා            
ඒ වගේ නෙමේ දැන්               
සහෝදරයා                             
සර්ප බිත්තර රක්කවා             
ලෝක බැංකුව                             
අමරිකාවේ                                   
මුල්‍ය අරමුදලේ තුරැල්ලේ      


හැදී වැ‍‍ඩෙනා සර්ප පැටවුන්  
කිරි පොවා සනහා      
ප්‍රිකාවට ආසියාවට
දිළි|q දුප්පත් සමූහය වෙත
යවා නිවැරදි
ඉලක්කයටම !
දෂ්ඨයෙන් - අනතුරැව 
ණය ආධාර ප්‍රති විෂ 
පොම්ප කරනා 
කුරිරැ ධනවැදි 
 සර්පයාටම 
 ගිය ලොවකි මේ !              
   ඉදින් මේ රැදු                   
   කටුක සත්‍ය
   සිතින් පිරිසිද - 
   හැ|sන නිසි ලෙද   
   සපුන් නසනුව 
   තනමු ආයුධ ?
 ( රාවය - පියන්කාරගේ බන්දුල ජයවීර )
  |qළු දායාද
හිරැ නිවී සදා නැගෙන
හුදෙකලා ලෝකෙකට
ඔහුගෙ සුරතේ වෙලී
සෙනෙහසින් පිය මනින
මොහොත පැමිණුන නමුදු

                 පා නමැද සමුගන්ට
                 මෑණියනි ඔබ නොමැත
                 ඔබේ ආසිරිවාද
                 ලැබ ගන්ට වරම් නැත
              

මව නැතත් මවක් මෙන්
හද පිරැණු සෙනෙහසින්අඩුපාඩු නොදැනෙන්ට
මාව දැඩි කළ නමුදු ....

පියාණනි ඔබෙ දෙපා
|s න්නට වරම් නැත
පා නමැද  සමුගන්ට
ඔබට දෙපයක් නොමැත

                          ඔහු සුරත ගත් නමුදු
                 ඔහුගෙ පියඹුන් විලස
                 දෙපා නැති පියාණනි
                 එක හිතින් මොහොතකට
                 ඹබව හැර යනු කෙලෙස...?

නෙත නැගුණු කදුළු හැර
මුවග රැදි මදහසින්
පියාණනි මොහොතකට
සමු දුන්න මැනවි මට
(පුණ්‍යා නුමාරී ලොකුලියන ) 

 පාරමී



අතීතය කෙටි නමුදු 

දැනෙයි කල්පයක් සේ 
Õ

මුළු සිතින් සියොල

දැනෙයි ඔබ හිදින සේ 


ඔබ මගෙම කරගන්ට

තව පෙරැම් පිරිය යුතු 

ඔබ මටම ලැබ ගන්ට

                        ලොවම මා දිනිය යුතු 
             (
පුණ්‍යා කුමාරී ලොකුලියන )

**************************************************************************
FM
නෙතට පියකරැය

කනට කූල්ය 
කට මුඛරිය
සියළු රස මිහිරිය
භාෂාව අමිහිරිය
( ආර් . ඒ . බී . කරැණාරත්න - අඹේපුස්ස ) 







උපේක්ෂා කමටහන     
 නිමිත්ත -                                               
      ඔබ මා ලග තබා ගිය
      අවසාන හාදුව
      ගෙන යන්නෙ කවදාද
               - රත්න sri විජේසිංහ
මෙතුවක් නුඹ මට
මහ ක|q ගසා බෙදූ ප්‍රේමය
හෝදා පාළු වූ හෙට
නාය යනු නියතය
නා කපන මේ මහා වැස්සට

          සිත පුරා බිජු ඉස
          කිරි වැදී එන විට ප්‍රේමය
          එකිරි උරා බිවි කාලය
          සොදුරිය නුඹට වඩා කුරිරැ ය              
ස්ථුල කණක අතු අග                
සදාගත් නු‍ඹෙ කුඩුව                
නුඹ මට ඉදුල් කළ හාදුව               
රැගෙන පලයන් රහසෙම
රැය ඉතුරැ කර මා වෙත
ඉව වැටෙන්නට පෙර
මරැ වැල් තනන අහසට 
 ( නගුල් තරැව - රවි සිරිවර්ධන )

මොහොතකක් නැවතී මා දෙස
ආදරයෙන් බලන කෙනෙක්
දන්නා |qනන්නෙක්
මෙතැන නොමැත
ඒ හැම දෙන මහ පොලොවේ
අනික් පැත්තෙ
මට සිහිවෙයි
මහා දුකින් ඉහළ බලමි
දිලිහි දිලිහි ආකාසේ
රන් පිගාන සේ
හද
මා දන්නා හදුනන
අපේගමේ වෙල් එලියට 
පායන |
පෝය දාට බෝ මළුවට 
පායන ස|
 ( මහගම සේකර )                                                             











 ( නගුල් තරැව - එවි සිරිවර්ධන )




















 

















රිචඩ් - 
සතHයේ මිනිසා

නිසොල්මන්ව
කහ පැහැති 
යමහා යතුරැ පැදිය
පෝටිකෝව යට
බලා හි‍දී කොල පැහැති 
පැජරෝව ගේට්ටුව අසල


කාකි පැහැ ඡායාවත්.....                           
තවත් නිමේෂයකින් .
උඩු මහලේ 
විදුලි පහන් නිවී ගියේය
ටෙලෙක්ස් මැසිමේ යතුරැ
සදාකාලිකවම නිහඩ විය

පසුදා පහන් වන විට
ලුනාවේ කොරලවැල්ලේ
තවත් මළසිරැරක් 
මිහිතලය සිපගෙන
නාදුනන තුවක්කු කරැවකුගේ
වෙන්න ඇති ?
යමෙකු මිමුනුවා ඇසුනි 
මගේ සවනට
නැහැ !
ඒ සතHයේ මිනිසාගේ
   ( ලීල් පතිරණ - ඉරිදා ලක්බිම )